වැලිමඩ මූලික රෝහලට සහ ප්‍රාදේශීය සභාවට අයත් ඉඩම්වල අද (09) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ. ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවීමට දැඩි උත්සාහයක නිරත වුවද, පස්වරු 6:00 වන විටත් ගින්න සීඝ්‍රයෙන් පැතිර යමින් තිබූ බව අප වාර්තාකරු සඳහන් කළේය. ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තද සුළං තත්ත්වය හේතුවෙන් ගින්න පාලනය කිරීම අපහසු වී ඇති අතර එය තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ.
















