මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම ආරම්භ වී ඇත්තේ තමන්ට ව්‍යායාම කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති බව පවසමින් “කටුවැල්ලේගම සුරේෂ්” නමැත්තා බන්ධනාගාර නිලධාරියෙකුට මරණ තර්ජනය කර කලහාකාරීව හැසිරීම හේතුවෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (14) මීගමුව මහේස්ත්‍රාත් සිලනි පෙරේරා මහත්මිය හමුවේ කරුණු වාර්තා කළේය.
ඉකුත් ජූලි 05 සහ 06 යන දිනවල සිදු වූ මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාර නිලධාරීන් 136 දෙනෙකුගෙන්, රැඳවියන් 141 දෙනෙකුගෙන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 09 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ගැටුම පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් 89 දෙනෙකු කොළඹින් කැඳවීමට ද පියවර ගෙන ඇත.
සිද්ධියට අදාළ වැඩිදුර විභාගය ලබන 16 වැනිදා යළි කැඳවීමට නියමිතය.













