• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට සාකච්ඡා දිගටම

4 August 2022
in දේශීය

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳ දෙමළ ජාතික සන්ධානය, නව ලංකා නිදහස් පක්ෂය සහ විජය ධරණි ජාතික සභාව ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම්.ඒ. සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, සෙල්වම් අඩෛක්කලාදන්, එස්. රාසමානික්කම් යන මහත්වරු ඇතුළු මන්ත්‍රී කණ්ඩායම මීට එක්ව සිටී අතර සර්ව පාක්ෂික රජයක් පිළිබඳ සිය පක්ෂයේ අදහස් ඔවුහු දීර්ඝ ලෙස ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළහ.

මේ වන විට ගැසට් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අන්තර්කාලීන අයවැය පිළිබඳව ද ජනාධිපතිවරයා මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කළේය.

කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සහ පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු විජය ධරණි ජාතික සභාව ද ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කළහ.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණ.

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා රජය සහ දේශපාලන පක්ෂ අතර පැවැත්වෙන සාකච්ඡා ඊයේ ආරම්භ කෙරණු අතර මෙය එහි දෙවන සාකච්ඡා වටයයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මෙම සාකච්ඡාවන්ට එක්ව සිටියහ.

Post Views: 5
Previous Post

වෘත්තිය පුහුණු කාර්මික ශිල්පීන් රට රැකියා සඳහා යොමු නොකරන්නේ ඇයි?

Next Post

පොදු රද මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මිටර් 100 ඉසව්වෙන් යුපුන් ලෝකඩ පදක්කම දිනා ගනි

editor

editor

Next Post

පොදු රද මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මිටර් 100 ඉසව්වෙන් යුපුන් ලෝකඩ පදක්කම දිනා ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved