නේපාලය සහ චීනයේ මායිම් ප්‍රදේශයන්හි ඇති වූ දරුණු හදිසි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 1,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
විදේශ මාධ්‍ය වාර්තා අනුව මේ වන විට නේපාලයෙන් පමණක් මරණ 987ක් වාර්තා වන අතර පුද්ගලයින් 3,916 දෙනෙකු අතුරුදන්ව ඇත. අසල්වැසි චීන මායිම් කලාපයෙන් මරණ 16ක් සහ අතුරුදන්වීම් 546ක් වාර්තා වීමත් සමඟ සමස්ත අතුරුදන් වූවන් සංඛ්‍යාව 4,462 දක්වා ඉහළ ගොස් තිබේ. අනතුරට ලක්වූ පුද්ගලයින් 11,814 දෙනෙකු මුදාගැනීමට සහන කණ්ඩායම් සමත්ව ඇති අතර, අයහපත් කාලගුණය මධ්‍යයේ සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.














