තාක්ෂණික සහයෝගිතා ගිවිසුම යටතේ ‘ශ්‍රී ලංකාවේ උක් ව්‍යාපෘතිය’ ක්‍රියාත්මක කිරීම සඳහා වන සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. බ්‍රසීලියානු සහයෝගිතා ඒජන්සිය, සාඕ කාලෝස් ෆෙඩරල් විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ උක් පර්යේෂණ ආයතනය අතර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
ද්විපාර්ශ්වික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව 2008 සැප්තැම්බර් 16 දින බ්‍රසීලය සමඟ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමකට එළඹ තිබූ අතර, එම මූලික ගිවිසුම යටතේ වන වැඩසටහන් සහ ව්‍යාපෘති අනුපූරක ගැලපුම් ගිවිසුම් හරහා ක්‍රියාත්මක විය යුතු වේ. ඒ අනුව, අදාළ අනුපූරක ගැලපුම් ගිවිසුම (Complementary Adjustment Agreement) අත්සන් කිරීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර ඇත.














