නේපාලයේ හටගත් හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 734 දක්වා ඉහළ ගොස් ඇති බව එරට බලධාරීන් තහවුරු කර තිබේ.
එමෙන්ම තවත් 2,400කට වැඩි පිරිසක් තවමත් අතුරුදහන්ව සිටින බවද වාර්තා වන අතර, ගංවතුරින් බලපෑමට ලක්වූ ප්‍රදේශවල අතුරුදහන් වූවන් සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් එක්ව අඛණ්ඩව සිදුකරමින් සිටියි.
















