• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇස් ඉදිරිපිට සියල්ල ගසාගෙන ගියා…

නේපාලයේ ගංවතුරෙන් දිවි බේරාගත් හය දෙනාගේ සංවේදී අත්දැකීම්

29 August 2026
in පුවත්, විදෙස්
ඇස් ඉදිරිපිට සියල්ල ගසාගෙන ගියා…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නේපාලයට බලපෑ විනාශකාරී ගංවතුර සහ නායයෑම් හමුවේ තත්පර කිහිපයක පරතරයකින් මරණයෙන් බේරී ජීවිතය දිනාගත් පුද්ගලයින් කිහිප දෙනෙකු මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් මෙසේය.
රාම්බච්චන් සාහ් (36) රසකැවිලි සදමින් සිටියදී කඩාවැදුණු මහා ජල පහරින් ගසාගෙන ගිය අවස්ථාවේ, අහම්බෙන් අතට හසු වූ විදුලි රැහැනක එල්ලී අඩ පැයකට ආසන්න කාලයක් මරණය සමඟ පොරබැදී ඔහු දිවි ගලවා ගත්තේය. එහෙත් ඔහු සමඟ සිටි ආයතනයේ හිමිකාරිනිය ඇතුළු පිරිස මහා ජලයට බිලි විය. සචින් ඛාති ගංවතුරට දිනකට පෙර මාමා විසින් හදිසි රාජකාරියකට වෙනත් ප්‍රදේශයකට යැවීම හේතුවෙන් ඔහුගේ ජීවිතය බේරිණි. එහෙත් ඔහු ජීවත් වූ මුළු ගම්මානයම සහ ඔහුගේ පවුලේ උදවිය නදියේ සැඩ පහරට හසුවී අතුරුදහන් වී ඇත.
රාජ්කුමාර් කාර්කි (36) කන්ටේනර් රථ රියදුරෙකු වන ඔහු, කන්ද උඩින් මහා රළ පහරක් මෙන් ඇදී එන ගංවතුර දැක වහාම රථයේ වේගය උපරිම කර අතුරු කණ්ණාඩියෙන් පස්සෙන් එන ජල රාක්ෂයා දෙස බලමින් අනූනමයෙන් රථය ආරක්ෂිත ස්ථානයකට පදවාගෙන ගියේය. ඔහුගේ ඇස් පනාපිට පිටුපසින් තිබූ කන්ටේනර් රථ 9ක් රියදුරන් සමඟ ගසාගෙන ගියේය. ගඨේ කාමී (40) ජලවිදුලි ව්‍යාපෘතියක සේවය කරමින් සිටියදී කඩාවැටෙන පර්වත සහ ගඟ පිටාර ගැලීම දැක, කුඩා කල කඳුපල්ලම්වල එළුවන් පසුපස දිව ගිය පළපුරුද්ද යොදා ගනිමින් ඝන කැලෑව දෙසට වේගයෙන් දිවගොස් කන්ද මුදුනට ළඟා වීමෙන් මරණයෙන් බේරිණි.
රාජු බුධාතොකි සහ ප්‍රකාශ ගෞතම් යන අය ටිමූරේ රේගු කාර්යාලයේ සේවය කළ අතර, පොලිස් ස්ථානයේ නිලධාරීන් පවා දිවයන විට කම්බි අතරින් පැන ගොස් වනන්තරයේ මීටර් සිය ගණනක් ඉහළට නැඟ, හමුදා හෙලිකොප්ටර් එනතුරු මඩ අතරේ නිරාහාරව බිහිසුණු රාත්‍රියක් ගත කර දිවි ගලවා ගත්හ. තුල්සිබහදූර් භණ්ඩාරි වෙත කළු පැහැති මඩ සහිත මහා රළ පහරක් කඩා වැටෙන විට, එම සැඩ රළ පහරින් ඉවුරේ පාෂාණ තලාවකට විසිවීම නිසා ප්‍රාතිහාර්යයකින් ඔහුගේ ජීවිතය ඉතිරි විය.
මෙම ස්වභාවික ව්‍යසනයෙන් මේ වන විට පුද්ගලයින් 1,851 කට අධික පිරිසක් මියගොස් හෝ අතුරුදහන් වී ඇති අතර, ජීවිතය බේරාගත් පිරිසද ආදරණීයයන් අහිමි වීමේ දැඩි මානසික වේදනාවෙන් පීඩා විඳිති.
Post Views: 2
Previous Post

වැටුප් ලබන ජනතාවට බදු සහනයක්?

Next Post

අල්ලස් නඩුවකට ඉක්වදෝරයේ හිටපු ජනපතිට වසර 5ක සිරදඬුවම්!

Editor TTV News

Editor TTV News

Next Post
අල්ලස් නඩුවකට ඉක්වදෝරයේ හිටපු ජනපතිට වසර 5ක සිරදඬුවම්!

අල්ලස් නඩුවකට ඉක්වදෝරයේ හිටපු ජනපතිට වසර 5ක සිරදඬුවම්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved