නේපාලයට බලපා ඇති හදිසි ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 579 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් 2,000කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බව එරට ආපදා සහන ඒජන්සිය තහවුරු කරයි.
නේපාල ආරක්ෂක අංශ සහ සහන සේවා කණ්ඩායම් එක්ව අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන අතර, සුන්බුන් අතර තිබී මළ සිරුරු කිහිපයක්ම නැවත සොයාගැනීමට හැකිව තිබේ. මේ වන විට ආපදාවට ලක්වූ ප්‍රදේශවල සිරවී සිටි පුද්ගලයින් 4,000කට අධික පිරිසක් මුදාගැනීමට සහන සේවකයින් සමත්ව ඇත. දරුණු පාරිසරික විනාශයක් සමඟ නේපාල රජය තත්ත්වය කළමනාකරණය කරමින් සිටින අතර, සෙවුම් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.














