ස්වීඩනයෙන් දියුණු Saab GlobalEye යුධමය නිරීක්ෂණ ගුවන් යානයක් මිලදී ගැනීම සඳහා නෙදර්ලන්තය එරට සමඟ අභිප්‍රාය ප්‍රකාශ කරන ලිපියකට අත්සන් තබා ඇති බව ලන්දේසි රජය ප්‍රකාශ කර තිබේ.
එවැනි කාර්යයන් සිදු කිරීමට තරම් ප්‍රමාණවත් ගුවන් යානා නෙදර්ලන්තය සතුව දැනට නොමැති අතර, මෙතෙක් ඔවුන් විශ්වාසය තබා ඇත්තේ නාටෝ සංවිධානයේ වයස්ගත AWACS යානා සමූහය මතය. ගුවන්, මුහුද සහ ගොඩබිම් විශාල දුර ප්‍රමාණයක් එකවර නිරීක්ෂණය කිරීමටත් ඩ්‍රෝන සහ ක්‍රූස් මිසයිල වැනි තර්ජන හඳුනා ගැනීමටත් GlobalEye යානයට හැකියාව ඇත. ලන්දේසි ගුවන් යානය 2031 වසරේදී ලබා දීමට අපේක්ෂිත නමුත්, කාර්ය මණ්ඩලය පුහුණු කිරීමට සහ මෙහෙයුම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට 2028 වසරේ සිට ස්වීඩන GlobalEye යානා භාවිත කිරීමට නෙදර්ලන්තයට අවස්ථාව හිමි වේ. ස්වීඩන යානා තුනක් සමඟ පොදු සංචිතයකට මෙම ලන්දේසි යානයද එකතු වන අතර, එමඟින් දෙරටේම කාර්ය මණ්ඩලයට යානා වෙත ප්‍රවේශ වීමට හැකි වන අතර, යානයට පියාඹන විධාද මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරමින් තත්‍ය කාලීන බුද්ධි තොරතුරු ගුවන් යානා, නෞකා සහ ගොඩබිම් ඒකක සමඟ බෙදාහදා ගත හැක.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














