දකුණු ලෙබනනයේ පිහිටි අලි අල්-තහීර් කඳුවැටිය ඉලක්ක කරගනිමින් ඊශ්රායල හමුදාව එල්ල කළ දැවැන්ත බෝම්බ ප්රහාරයකින් අනතුරුව, හිස්බුල්ලා සංවිධානයට සිය යුධමය හැකියාවන් නැවත ගොඩනගා ගැනීමට කිසිසේත්ම ඉඩ නොතබන බව ඊශ්රායල හමුදාපති එයාල් සමීර් ප්රකාශ කරයි.
අල් ජසීරා පුවත් සේවය වාර්තා කළ පරිදි, හිස්බුල්ලා භූගත උමං සංකීර්ණ සහ සඟවා තිබූ ආයුධ ගබඩා ඉලක්ක කරමින් එල්ල කළ මෙම දැවැන්ත පිපිරීම හේතුවෙන් ප්රදේශය පුරා රිච්ටර් මාපකයේ 4.1 ක ප්රබලතාවයෙන් යුතු භූකම්පන තත්ත්වයක් ද වාර්තා වී ඇත. ලෙබනන මායිමේ ආරක්ෂාව තහවුරු කිරීම සහ හිස්බුල්ලා සංවිධානයේ තර්ජන මුළුමනින්ම අහෝසි කිරීම වෙනුවෙන් ඉදිරියටත් මෙහෙයුම් අඛණ්ඩව ක්රියාත්මක කරන බව ඊශ්රායල හමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














