ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරන “කාවන්තිස්ස” නමින් හඳුන්වන ඇතාගේ ඉදිරි දකුණු පාදයේ ඇති තුවාලයකට කඩිනම් පශු වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අද (24) නිකවැරටිය පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය අදාසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ ඇතාගේ තුවාල වූ පාදයට මූලික ප්‍රතිකාර ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ, කාවන්තිස්ස ඇතා සැරිසරන උස්ගල සියඹලන්ගමුව වැව අවට ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් අද උදෑසන මෙහෙයුමක් ආරම්භ කළ බවයි.
පශු වෛද්‍යවරුන්, වනජීවී නිලධාරීන් සහ විශේෂ වෛද්‍ය කණ්ඩායම් එක්ව ඇතාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර අවශ්‍ය ප්‍රතිකාර සිදුකරනවා. එහිදී ඉදිරි දකුණු පාදයේ තුවාලය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.
පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගේ සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන අතර, පශු වෛද්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ගංගා මහත්මියගේ උපදෙස් මත වෛද්‍ය කණ්ඩායම් කටයුතු කරන බව අමාත්‍යාංශය සඳහන් කළා.
ඇතාගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු පශු වෛද්‍ය පියවර අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතර, ප්‍රතිකාර අතරතුර කාවන්තිස්ස ඇතාගේ තත්ත්වය වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍ය කණ්ඩායම් විසින් අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටිනවා.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.














