• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නෙට්වෙල්ත් කළමනාකාරීත්වයෙන් ‘මහපොළ’ ගලවයි

4 September 2018
in දේශීය
මහපොළ භාරකාර අරමුදල කළමනාකරණය කිරීම සඳහා පිහිටු වූ නෙට්වෙල්ත් කෝපරේෂන්  සහ නෙට්වෙල්ත් සිකියුරිටීස්  යන සමාගම්වල කළමනාකාරිත්වයෙන් ඉවත්කොට සෘජුවම අරමුදලේ මුදල් රජයේ බැංකු සහ මහ බැංකු බැඳුම්කරවල පමණක් මින් ඉදිරියට ආයෝජනය කිරීමට පියවර ගන්නා බව උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
එයට හේතුව වශයෙන් අමාත්‍යවරයා කියා සිටින්නේ 2017 දෙසැම්බර් 31 දා වන විට මහපොළ අරමුදලට මේ සමාගම් දෙකේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් සෘජු හා වක්‍ර ආදායම් ලෙස රුපියල් බිලියන 2.5ක ආදායම් අහිමි වීම බවයි. 
 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 31 වනදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
වර්ෂ 2011දී එවකට වෙළෙඳ අමාත්‍යාංශය භාරව කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා එම සමාගම් දෙකේම සභාපතිත්වය දරමින් එම අරමුදලේ මුදල් යොදවා පෞද්ගලික ප්‍රයෝජනය සඳහා බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 2ක් මිලට ගෙන ඇති බවද අමාත්‍යවරයා අනාවරණය කළේය.
 
එසේම නෙට්වෙල්ත් කෝපරේෂන් සමාගමේ අධ්‍යක්ෂ ධුරය දැරූ ආචාර්ය වික්‍රම වීරසූරිය මහ බැංකුවේ ප්‍රාථමික ගනුදෙනුකරුවකු ලෙස ක්‍රියා කරන වෙල්ත් ට්‍රස්ට් සමාගම සමඟ බැඳුම්කර ගනුදෙනු සිදුකර ඇති බවත් එය ළබැඳියාවේ ගැටලුවක් සහිත ගනුදෙනුවක් බවත් ඊට හේතුව එම ප්‍රාථමික ගනුදෙනුකාර සමාගමේ අධ්‍යක්ෂවරයා ආචාර්ය වික්‍රමවීරසූරියගේ පුත්‍රයා වීම බවත් ඇමැතිවරයා අනාවරණය කළේය.
 
මහපොළ භාරකාර අරමුදලේ සාමාජිකයන් හා සාකච්ඡා කොට අරමුදල අවභාවිත කළ අය සම්බන්ධයෙන් පියවර ගන්නා බවත්, ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග සඳහා නීතිපති උපදෙස් ගැනීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට සූදානම් බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. මින් ඉදිරියට මහපොළ අරමුදලේ සියලු මුදල් පොදු දේපළ පනතට යටත් කිරීම සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගත් බවත්, ඊට හේතුව සිදුවන අක්‍රමිකතා වංචා වැළැක්වීමට නොහැකි, දැඩි නීති පැනවීම අත්‍යවශ්‍ය නිසා බවත් හෙතෙම අවධාරණය කළේය.
 
රසික ජයලත් 
Post Views: 11
Previous Post

මේ ආණ්ඩුව ස්වදේශිකයා ආරක්ෂා කළේ නෑ – විමල් කියයි

Next Post

විග්නේෂ්වරන් කරපු දෙයක් නෑ – ඇමති චම්පික රණවක

editor

editor

Next Post

විග්නේෂ්වරන් කරපු දෙයක් නෑ - ඇමති චම්පික රණවක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved