27 April 2024
#දේශීය

අධ්‍යාපන අමාත්‍යාංශයේ තනතුරු 16කට අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නව පත්වීම්

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන කමිටු අනුමැතිය සහිත ව අධ්‍යාපන අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින ආයතනවල පුරප්පාඩු වී ඇති අධ්‍යාපන අධ්‍යක්ෂ/ කොමසාරිස් තනතුරු 16ක් සඳහා ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නව නිලධාරීන් පත් කල බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මෙම නව පත්කිරීම්වලට නියමිත පත්වීම් ලිපි අදාළ පළමු ශ්‍රේණියේ නිලධාරීන් වෙත ප‍්‍රදානය කිරීම, අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අතිරේක ලේකම් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (25) දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *