27 April 2024
#දේශීය

නව අමාත්‍ය මණ්ඩලය හෙට දිවුරුම් දෙයි !

අමාත්‍ය මණඩලය ඉකුත් දා ඉල්ලා අස්වීමෙන් පසු නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම හෙට දින සිදු වනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග පැවසුවේ නව අමාත්‍ය මණ්ඩලය සිමිත පිරිිසකගෙන් යුතු එකක් බවයි. කෙසේ වෙතත් තරුණ මන්ත්‍රීවරුන් රැසකට මෙවර කැබිනට් අමාත්‍ය ධුර හිමිවනු ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු පවසා සිටියේ මේ වන විට අදාළ මන්ත්‍රිවරුන් සමඟ සාකච්ඡා සිදු කර ඇති අතර තවදුරටත් තරුණ මන්ත්‍රීවරුන් අමාත්‍ය ධුර සඳහා පත් කිරීමට කටයුතු කිරිමට බලාපොරොත්තු වන බවයි.

ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ලෙස කටයුතු කල බොහෝ පිරිස් පවසා ඇත්තේ ජනතාවගේ අප්‍රසාදය මේ මොහොතේ දැඩිව පවතින හෙයින් අමාත්‍ය ධුර තරුණ පිරීස් වෙත ලබා දීම සිදු කලහොත් ජනතාව තුල යම් විශ්වාසයක් ඇති වීමට ඉඩ ඇති බවයි.

නමුත් දේශපාලන උපදෙස් ලබා දෙන්නන් පවසා ඇත්තේ තරුණ පිරිස් තවමත් මෙවැනි බරපතල තනතුරු ලබා දීමේදී පලපුරුද්දක් නොමැතිවීම තුලින් යම් යම් ගැටළුකාරි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවයි. එහෙයින් කැබිනට් අමාත්‍ය ධුර ලබා දිමේදි ජ්‍යෙෂ්ඨ හා තරුණ පිරිස් එක්ව නව කැබිනට් මණ්ඩලයක් පත් කල යුතු බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *