ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍යා නිකේතන් ප්‍රදේශයේ පිහිටි මහල් හයකින් යුත් විශාල ගොඩනැගිල්ලක් අද (සැප්තැම්බර් 06) පස්වරුවේ හදිසියේ කඩා වැටී තිබේ.
අද දහවල් 1.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේදී එහි පුද්ගලයන් 75 දෙනෙකු පමණ සිට ඇතැයි වාර්තා වේ. මේ වන විටත් සුන්බුන් අතර පුද්ගලයන් කිහිපදෙනෙකු සිරවී සිටින්නට ඇතැයි දැඩි සැකයක් පවතින අතර, ආපදා සහන සහ ගැලවුම්කරුවන් කණ්ඩායම් එක්ව හදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටී.














