මෙරට සමස්ත ජනතාවම මහත් භීතියකට පත් කළ නරක ආරංචියක් වාර්තා වෙනවා. මෙම වසරේ දෙවන සහ තුන්වන කාර්තුවලට අදාළ වන පරිදි සකස් කරන ලද නව විදුලි ගාස්තු සංශෝධනය අද (11) දින සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. මේ හරහා ජනතාවගේ මාසික විදුලි බිලට සෘජු බලපෑමක් එල්ල වීමට නියමිතයි.
2026 වසරේ දෙවන කාර්තුව වෙනුවෙන් විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මීට පෙර අනුමැතිය ලබා දී තිබුණි. එහිදී සියයට 8 සිට සියයට 14.4 දක්වා ප්‍රමාණයකින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි.
එවැනි දැඩි තීරණයකින් අනතුරුව, නැවත වරක් මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත. නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම මඟින් මෙම ඇස්තමේන්තුව මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යොමු කර තිබුණේ ඉකුත් අප්‍රේල් 27 වැනි දිනයි. මේ හරහා නැවත වරක් විදුලි ගාස්තු ඉහළ යාමේ දැඩි අවදානමක් පවතී.














