කොරියාව, අබුඩාබි සහ ජපානය ඇතුළු රටවල් රැසක විදේශ රැකියා අවස්ථා සඳහා උපරිම ප්‍රයෝජන ලබා ගැනීම පිණිස මේ වන විට විශේෂ ක්‍රියාමාර්ග සහ ගිවිසුම් රැසකට එළඹ ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.
අද (අගෝස්තු 07) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම සුබදායී පුවත අනාවරණය කළේය. මෙහිදී හෙදියන් ඇතුළු වෘත්තිකයන් සඳහාද විශේෂ රැකියා අවස්ථා රැසක් උදා වී ඇති බව වැඩිදුරටත් සඳහන් විය.














