• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අභිනව මහානායක පදවියෙන් පිදුම් ලබන අතිපූජ්‍ය නිකපොත ශ්‍රී චන්දජෝති නාහිමිපාණෝ

13 May 2026
in දේශීය, පුවත්
අභිනව මහානායක පදවියෙන් පිදුම් ලබන අතිපූජ්‍ය නිකපොත ශ්‍රී චන්දජෝති නාහිමිපාණෝ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
උඩරට අමරපුර මහා නිකායේ මහානායක ධුරය දැරූ අතිපූජ්‍ය නුවරඑළියේ චන්දජෝති මහානායක මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් හිස්වූ එම උත්තරීතර පදවිය සඳහා අභිනව මහානායක මාහිමිපාණන් ලෙස අතිපූජ්‍ය නිකපොත ශ්‍රී චන්දජෝති නාහිමිපාණන් වහන්සේ තේරී පත්ව සිටිති. ශ්‍රී ලංකා බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අනුපමේය මෙහෙවරක් ඉටුකරන උන්වහන්සේ වෙත මහානායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය මහෝත්සවය 2026 මැයි මස 17 වන ඉරිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ සුරතින් සිදුකිරීමට නියමිතය. ශාසනික හා සාමාජීය වශයෙන් උන්වහන්සේ සිදුකර ඇති සුවිශේෂී කැපවීම ඇගයීමට ලක්වන මෙම අවස්ථාව, සමස්ත බෞද්ධ ජනතාවගේම ගෞරවාදරයට පාත්‍ර වන්නකි.
බදුල්ල දිස්ත්‍රික්කයේ නිකපොත ග්‍රාමයේ උපත ලබා 1962 වසරේදී සසුන්ගත වූ උන්වහන්සේ, ප්‍රාචීන, ප්‍රාරම්භ සහ මධ්‍යම යන විභාගයන් උසස් ලෙස සමත් වෙමින් ශාස්ත්‍රීය හා විනයානුකූල ශික්ෂණයෙන් පිරිපුන් භික්ෂුවක ලෙස ගොඩනැගුණි. පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන සහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබාගත් නාහිමිපාණෝ, මාදිවෙල ශ්‍රී ඤාණානන්ද බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කරමින් ශාසනික පුනරුදයක් ඇති කිරීමට පුරෝගාමී වූහ. ධර්ම විනයධර සුපේශල ශික්ෂාකාමී භික්ෂු පරපුරක් බුදු සසුනට දායාද කිරීම උදෙසා උන්වහන්සේ ඉටුකරන මෙහෙවර ජාතික මට්ටමින් ඇගයීමට ලක්විය යුතු සුවිශේෂී සාධකයකි.
උඩරට අමරපුර නිකායේ විනයාධිපති සහ මහෝපාධ්‍යාය වැනි උසස් තනතුරු හොබවමින් නිකායික අභිවෘද්ධිය උදෙසා අමිල මෙහෙවරක් ඉටුකළ උන්වහන්සේ, 2018 වසරේදී එම නිකායේ අනුනායක පදවියෙන් ද පිදුම් ලැබූහ. නිකායික ව්‍යවස්ථාවන් සංශෝධනය කරමින් සහ වාර්ෂික උපසම්පදා විනය කර්මයන් විනයානුකූලව මෙහෙයවමින් උන්වහන්සේ පෙන්වා ඇති නායකත්වය ශාසනයේ උන්නතියට මෙන්ම භික්ෂු විනය සුරැකීමට ද මහඟු පිටුවහලක් වී තිබේ. අභිනව මහානායක පදවියෙන් පිදුම් ලබන අතිපූජ්‍ය නිකපොත ශ්‍රී චන්දජෝති නාහිමිපාණන් වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී චිරජීවනය පතමු.
– ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත රූපහ සෝරත හිමි
කාරක සංඝ සභා සාමාජික
බස්නාහිර පළාතේ අධිකරණ සංඝ නායක
උඩරට අමරපුර පාර්ශ්වය
Post Views: 3
Previous Post

ජාතීන් අතර සහජීවනය ශක්තිමත් කිරීමට පරිණත ආගමික නායකත්වය අත්‍යවශ්‍යයි

Next Post

අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ චීන සංචාරයට ඉලොන් මස්ක් සහ ටිම් කුක් ඇතුළු ව්‍යාපාරික දැවැන්තයින් එක්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලංකාවේ ප්‍රථම භූතාප තෙත් බිම  ලෙස සැලකෙන කපුරැල්ල තෙත්බිම  සංරක්ෂණයට රජයෙන් පියවර

14 May 2026
අද ගමේ ඉන්න මිනිස්සු විතරක් නෙවෙයි හිරගෙදර ඉන්න මිනිස්සුත් කියන්නේ ඊළඟ ජනාධිපති නාමල් කියලා

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක හැකර්වරුන් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්

මගීන් 1,200ක් රැගත්  බ්‍රිතාන්‍ය නෞකාවක්  රෝගී තත්ත්වයක් හේතුවෙන්  ප්‍රංශ මුහුදේ සිරවෙයි

මගීන් 1,200ක් රැගත් බ්‍රිතාන්‍ය නෞකාවක් රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රංශ මුහුදේ සිරවෙයි

13 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංකාවේ ප්‍රථම භූතාප තෙත් බිම  ලෙස සැලකෙන කපුරැල්ල තෙත්බිම  සංරක්ෂණයට රජයෙන් පියවර

ලංකාවේ ප්‍රථම භූතාප තෙත් බිම ලෙස සැලකෙන කපුරැල්ල තෙත්බිම සංරක්ෂණයට රජයෙන් පියවර

14 May 2026
අද ගමේ ඉන්න මිනිස්සු විතරක් නෙවෙයි හිරගෙදර ඉන්න මිනිස්සුත් කියන්නේ ඊළඟ ජනාධිපති නාමල් කියලා

අද ගමේ ඉන්න මිනිස්සු විතරක් නෙවෙයි හිරගෙදර ඉන්න මිනිස්සුත් කියන්නේ ඊළඟ ජනාධිපති නාමල් කියලා

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved