මෙම මාර්ගය මැදදුම්බර බලප්‍රදේශයේ පිහිටි ඉතා දුෂ්කර ගම්මානයකට පිවිසීමට ඇති ප්‍රධාන මාර්ගය වන අතර, දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් එය දැඩි ලෙස අබලන් වී පැවතිණි. “මැදදුම්බරට නවෝදයක්” ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 25ක ප්‍රතිපාදන වෙන් කරමින් මාර්ගය කොන්ක්‍රීට් අතුරා නවීකරණය කිරීමට පියවර ගෙන ඇත.
මෙම අවස්ථාවට මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන කොට්ඨාස මන්ත්‍රීවරුන් වන තරංගනී ඒකනායක මහත්මිය, එම්. අබේරත්න මහතා සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වූහ. මෙම මාර්ගය සංවර්ධනය කිරීම හරහා ප්‍රදේශයේ ජනතාවට දීර්ඝ කාලයක් තිස්සේ පැවති ප්‍රවාහන දුෂ්කරතාවලට විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.














