• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අමාත්‍යාංශ 10කට නව ලේකම්වරුන් පත් කෙරේ

26 December 2023
in දේශීය
අමාත්‍යාංශ 10කට නව ලේකම්වරුන් පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශ 10ක් සඳහා නව ලේකම්වරුන් දසදෙනෙක් සහ පළාත් 02ක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙක් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේනදය කරයි.

එම පත්වීම් 2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වසන්තා පෙරේරා මහත්මිය ද, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ධූරයට එන්. එම්. රණසිංහ මහතා ද පත් කර ඇති අතර, ගුණදාස සමරසිංහ මහතා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඒ. සී. මොහොමඩ් නෆීල් මහතා ද, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඩබ්. පී. පී. යසරත්න මහතා පත් කර ඇති අතර, වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස සමන් දර්ශන පාඩිකෝරාල මහතා පත් කර තිබේ.

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස බී. කේ. පී. චන්ද්‍රකීර්ති මහතා ද, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා ද, ඉංජනේරු රංජිත් රූබසිංහ මහතා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආචාර්ය ධර්ම ශ්‍රී කුමාරතුංග මහතා ද පත් කර ඇත.

තවද උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ලෙස ආර්. එම්. ඩබ්. එස්. සමරදිවාකර මහතා ද, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස එස්. එල්. ඩී. කේ. විජයසිංහ මහත්මිය ද පත් කර තිබේ.

Post Views: 28
Previous Post

SMR Consolidated සමාගම 31 වැනි වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී රිදී සම්මානයක් දිනාගනියි

Next Post

කොළඹ කෘෂි ව්‍යවසායකයින්ට රතු කුරුසයෙන් රුපියල් මිලියන 45 ක ආධාරක්

editor

editor

Next Post
කොළඹ කෘෂි ව්‍යවසායකයින්ට රතු කුරුසයෙන් රුපියල් මිලියන 45 ක ආධාරක්

කොළඹ කෘෂි ව්‍යවසායකයින්ට රතු කුරුසයෙන් රුපියල් මිලියන 45 ක ආධාරක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved