ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපතිවරයා ලෙස රාජකාරි භාරගත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.
මෙම හමුවේදී සාකච්ඡා කෙරුණු ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ.
ජාතික ආරක්ෂාව සහ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉටු කරනු ලබන කාර්යභාර්යය, රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම සහ ජාතික අභිවෘද්ධිය වෙනුවෙන් ලබා දිය යුතු සහයෝගීතාව පිළිබඳව දෙපාර්ශ්වය විසින් අදහස් හුවමාරු කර ගන්නා ලදී.
නව නාවික හමුදාපතිවරයා වෙත සිය සුබපැතුම් එක් කළ කථානායකවරයා, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සීමා ආරක්ෂා කිරීමටත්, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත්, මහජනතාවගේ සුබසාධනය උදෙසාත් නාවික හමුදාව මගින් ඉටු කරනු ලබන සුවිශේෂී මෙහෙවර අගය කළේය. වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතාගේ නව ධුරයේ රාජකාරි සාර්ථකව ඉටු කිරීමට කථානායකවරයා සිය සුභාශිංසන ද පිරිනැමීය.














