අමෙරිකාවේ නිව්යෝර්ක් නිකිස් පැසිපන්දු කණ්ඩායම වසර 1999න් පසු පළමු වරට NBA අවසන් තරගාවලියට සුදුසුකම් ලැබීමත් සමඟ නිව්යෝර්ක් නගරයම දැඩි උද්යෝගයකින් පසුවෙයි. කෙසේ වෙතත්, තම උපන් නගරයේ කණ්ඩායම වෙනුවෙන් ප්‍රමාණවත් සහයෝගයක් ලබා නොදීම හේතුවෙන් ‘සෙසමි ස්ට්‍රීට්’ වැඩසටහනේ ජනප්‍රිය රතු පැහැති රූකඩ චරිතයක් වන ‘එල්මෝ’ මේ වන විට නිකිස් රසිකයන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.
මෙම අර්බුදය නිර්මාණය වී ඇත්තේ NBA අවසන් තරගාවලිය සම්බන්ධයෙන් එල්මෝ විසින් සිය නිල X සමාජ මාධ්‍ය ගිණුමේ පළ කළ සටහනක් හේතුවෙනි. තම නගරයේ කණ්ඩායම වෙනුවෙන් පෙනී නොසිටීම සහ ඔවුන්ට නිසි සහායක් ලබා නොදීම සම්බන්ධයෙන් කෝපයට පත් නිව්යෝර්ක් නිකිස් රසිකයෝ සමාජ මාධ්‍ය හරහා එල්මෝ වෙත දැඩි ප්‍රතිචාර දක්වා ඇත.
















