තමන්ගේ නායකත්වය වෙනස් කිරීමට පක්ෂ අභ්‍යන්තරයෙන් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට පළවන වාර්තා නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් මහතා අද (17) ප්‍රතික්ෂේප කළේය. ලබන සතියේ පාර්ලිමේන්තුව යළි රැස්වන අවස්ථාවේදී ඔහුගේ නායකත්වයට එරෙහිව පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ක්‍රියාත්මක වනු ඇති බවට නවසීලන්ත හෙරල්ඩ් පුවත්පත වාර්තා කර තිබූ අතර, ලක්සන් මහතා අවධාරණය කළේ සියලු මන්ත්‍රීවරුන්ගේ පූර්ණ විශ්වාසය තමන් කෙරෙහි පවතින බවයි.
එළඹෙන නොවැම්බර් 07 වැනිදා නවසීලන්ත මහා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී, පාලක ජාතික පක්ෂයේ ජනප්‍රියතාව 30% ට වඩා අඩු මට්ටමකට පහත වැටී ඇති බව නවතම මත විමසුම් පෙන්වා දෙයි. විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික ජනප්‍රියතාවය ද පහත වැටී ඇති අතර, විපක්ෂ නායක ක්‍රිස් හිප්කින්ස් අග්‍රාමාත්‍යවරයාට වඩා වැඩි මනාප ප්‍රතිශතයක් ලබාගෙන සිටීම මෙම දේශපාලන අස්ථාවරත්වයට හේතු වී තිබේ. කෙසේ වෙතත්, අද මැතිවරණයක් පැවැත්වුවහොත් තම රජය යළිත් බලයට පත්වන බවට ලක්සන් මහතා විශ්වාසය පළ කරයි.














