ඉරානය සමඟ සාකච්ඡා කර ඇති නව රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම දැනට අවසන් අදියරේ පවතින බැවින්, එහි ප්‍රධාන කොන්දේසියක් ලෙස උපායමාර්ගිකව වැදගත් හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නාවික කටයුතු සඳහා යළි විවෘත කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිදුකළ ප්‍රකාශයත් සමඟ ආසියානු බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබේ.
ගෝලීය බලශක්ති අර්බුදයට සුබවාදී විසඳුම් ලැබීමේ මෙම පෙරනිමිති හේතුවෙන් අද (25) උදෑසන වන විට ජාත්‍යන්තර බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල 5%ක සැලකිය යුතු ප්‍රතිශතයකින් පහළ ගොස් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 97.90ක් ලෙස සටහන් විය. එමෙන්ම අමෙරිකානු WTI බොරතෙල් මිලද 5.3%කින් පහළ ගොස් බැරලයක මිල ඩොලර් 90.93ක් දක්වා අඩු වී තිබේ. කෙසේ වුවද, මර්බන් (Murban) බොරතෙල් මිල පමණක් 0.06%ක සුළු ඉහළ යාමක් පෙන්වමින් ඩොලර් 102.21ක් ලෙස ස්ථාවරව පැවතුණි.
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල මෙලෙස පහත වැටීමත් සමඟ ඇති වූ ආර්ථික ප්‍රබෝධය හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ රැසක දර්ශක කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව විදේශීය මූල්‍ය වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව ජපානයේ ප්‍රධානතම කොටස් දර්ශකය වන ‘නිකේ 225’ (Nikkei 225) දර්ශකය එරට ව්‍යාපාරික ඉතිහාසයේ පළමු වරට 65,000 සීමාව (65,000-point mark) ඉක්මවා යමින් වාර්තාගත ඉහළ යාමක් සනිටුහන් කර තිබේ.














