දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයටිස් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. මෙම රෝගී තත්ත්වයේ ව්‍යාප්තියක් වාර්තා වී ඇත්තේ දෙනියාය, දියතලාව, වැලිමඩ සහ රිකිල්ලගස්කඩ යන ප්‍රදේශවලිනි. මේ වන විට දියතලාව ප්‍රදේශයෙන් රෝගීන් 28 දෙනෙකු, වැලිමඩ ප්‍රදේශයෙන් රෝගීන් 13 දෙනෙකු සහ රිකිල්ලගස්කඩ රෝහලේ නේවාසිකව රෝගීන් 25 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිති. දෙනියාය ප්‍රදේශයේ පාසලකින් හඳුනාගත් රෝගී තත්ත්වය ‘වෛරස් මෙනින්ජයටිස්’ ලෙස හඳුනාගෙන ඇති අතර එය ප්‍රධාන වශයෙන් පාසල් දරුවන් අතර පැතිරීමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අංශ නිරීක්ෂණය කරයි. දැඩි හිසරදය, වමනය සහ උණ මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වන අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතී. මෙම තත්ත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














