ඉරානයේ පාර්ලිමේන්තු කථානායකවරයා ලෙස මොහොමඩ් බාගර් කලිබාෆ් (Mohammad Bagher Qalibaf) මහතා යළි තේරී පත්වී ඇති බව අර්ධ නිල ෆාර්ස් පුවත් ඒජන්සිය සඳහන් කරයි. එක්සත් ජනපදය සමඟ පැවැත්වෙන සාකච්ඡා සඳහා ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු ලෙස ද කටයුතු කරන කලිබාෆ් මහතා මෙලෙස නැවත වරක් කථානායක ධුරයට පත්වූයේ ඉරාන පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින් අනතුරුවය.














