මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුද ගැටුම්කාරී තත්ත්වයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන්, ඉන්දියාව තුළ නැවත වරක් ඉන්ධන මිල ඉහළ දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.
ඒ අනුව, ඉන්දීය රජයට අනුබද්ධ ඉන්ධන බෙදාහැරීමේ සමාගම් සහ නියෝජිතයන් විසින් ඩීසල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 2.71 කින් සහ පෙට්‍රල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 2.61 කින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා ඇත.
විශේෂත්වයක් වන්නේ, ගෝලීය බලශක්ති අර්බුදයේ ඍජු බලපෑම හමුවේ ගෙවී යන මෙම මැයි මාසය තුළදී පමණක් ඉන්දියාවේ ඉන්ධන මිල මෙලෙස ඉහළ දැමූ සිව්වැනි අවස්ථාව මෙය වීමයි. මෙම අඛණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් එරට පොදු ප්‍රවාහන හා භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයන්ට මෙන්ම සාමාන්‍ය පාරිභෝගික ජනතාවටද දැඩි මූල්‍ය පීඩනයකට මුහුණ දීමට සිදුව ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














