චීනයේ, මැකාවෝහි අතිඋත්කර්ෂවත් අන්දමින් පැවති “ආසියානු කලා සිනමා උළෙලේ” (Asian Art Film Festival) දී හොඳම කැමරාකරණය සඳහා වූ “ස්වර්ණ පෙට්‍රල් සම්මානය” (Golden Petal Award for Best Cinematography) හිමි කර ගත් ‘රිවස්ටන්’ චිත්‍රපටයේ ප්‍රකට කැමරා ශිල්පි ප්‍රභාත් රෝෂන් මහතා පසුගිය 23 වනදා රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය.මෙම ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ඉකුත් මැයි 19 වනදා සිට 21 වනදා දක්වා ආසියානු කළාපයේ සහ ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත විශිෂ්ටතම සිනමා කෘති රැසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි. මෙම සිනමා උළෙලේ විනිශ්චය මණ්ඩලය (Jury) සඳහා ලෝක ප්‍රකට ඔස්කාර් සම්මානලාභී (Oscar-winning) සිනමා අධ්‍යක්ෂවරුන් සහ සිනමා ප්‍රවීණයන් රැසක් එක්ව සිටීම විශේෂත්වයකි.ජාත්‍යන්තර සිනමා සම්මානයකින් ලක් මව බැබළවූ ප්‍රභාත් රෝෂන් මහතාව කටුනායක ගුවන් තොටුපොළේදී ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට ‘රිවස්ටන්’ චිත්‍රපටයේ නිෂ්පාදිකා නිමන්ති පෝරගේ මහත්මිය ඇතුළු මෙරට කලාකරුවන් සහ හිතමිතුරන් පිරිසක් එක්ව සිටියහ.














