කිරින්ද මුහුදු වෙරළේ දිය නාමින් සිටියදී මුහුදු රළට හසුවූ සිසුවියක බේරා ගැනීමට උත්සාහ කළ මොනරාගල, බඩල්කුඹුර වයිකුඹුර දෙමළ විද්‍යාලයේ විදුහල්පතිවරයා දියේ ගිලීමෙන් මියගොස් තිබේ.
අධ්‍යාපන චාරිකාවකට සහභාගී වී සිටි අතරතුර මෙම ඛේදවාචකය සිදුවී ඇත්තේ පසුගිය 25 වන දා සවසය. මුහුදු රළට හසුවූ 14 හැවිරිදි එස්. අභිලාසි නමැති සිසුවිය බේරා ගැනීමට උත්සාහ කිරීමේදී, 56 හැවිරිදි නගුර පිච්චෙයි මොහොමදු නම් විදුහල්පතිවරයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. සිද්ධියෙන් පසු ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව සිසුවිය සහ විදුහල්පතිවරයා ගොඩට ගෙන දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කළ ද, විදුහල්පතිවරයා ඒ වන විටත් මියගොස් සිටියේය.
කිරින්ද පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














