කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (27) පස්වරු 4.30 සිට හෙට (28) පස්වරු 4.30 දක්වා වලංගු වන පරිදි ධීවර සහ නාවික ප්‍රජාව සඳහා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60ක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ හැකියාවක් පවතී.එමෙන්ම කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0ත් 3.0ත් අතර උසකින් ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වන ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස බලධාරීන් වැඩිදුරටත් දැනුම් දෙයි.
















