ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරයේ මූලික අරමුණ වන ජනතාව දිළිඳුකමින් මුදා ගැනීමේ වැඩසටහන සාර්ථක කර ගැනීමට නම්, සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය ආයතන සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් එක් සංවර්ධන වේදිකාවකට ඒකාබද්ධ විය යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසනවා.
ජනාධිපති කාර්යාලයේ පැවැති ‘ප්‍රජා ශක්ති’ ජාතික වැඩසටහනේ 2026 සහ 2027 සංවර්ධන සැලසුම් සම්බන්ධ වැඩමුළුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. සමාජය සවිබල ගැන්වීම සහ ආර්ථික ප්‍රතිලාභ සමාජයේ සාධාරණව බෙදී යාම සහතික කිරීම රජයේ අරමුණ බවත්, ඒ සඳහා ග්‍රාමීය මට්ටමින් මෙතෙක් ක්‍රියාත්මක කළ වැඩසටහන් සමාලෝචනය කර 2027 වසර සඳහා නව සැලසුම් රාමුවක් සකස් කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළා.
මෙම අවස්ථාව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතා සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රජා ශක්ති ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.














