ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ (NHDA) ඉතිහාසය තුළ ප්‍රථම වතාවට එහි සමස්ත සේවක මණ්ඩලය ඉලක්ක කරගනිමින් කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සහ විභාග මාලාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ආයතනයේ මානව සම්පත් සංවර්ධනය කඩිනම් කිරීම සහ සේවක අභිප්‍රේරණය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ හරහා ප්‍රාථමික වැටුප් කාණ්ඩවල සිට HM 1-3 ඉහළ කළමනාකරණ වැටුප් කාණ්ඩය දක්වා වන සේවකයන් 1,000කට අධික පිරිසකට තමන් දරන තනතුරුවලට අදාළ ශ්‍රේණි උසස්වීම් ලබාගැනීමට මෙතෙක් අහිමිව තිබූ අවස්ථාව උදා වේ. පසුගිය රජයන් යටතේ නිසි පරිදි පවත්වා නොමැති මෙම කඩඉම් පරීක්ෂණ අතුරින් PL (ප්‍රාථමික) වැටුප් කාණ්ඩයට අදාළ සම්මුඛ පරීක්ෂණ මේ වන විටත් සැලකිය යුතු ප්‍රමාණයක් අවසන් කර ඇති අතර, MA 1-2 සිට MM 1-3 දක්වා වන සෙසු කාණ්ඩ සඳහා ලිඛිත විභාග පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවතියි.
තාක්ෂණ නිලධාරීන්ට විශේෂ දීමනා:
මේ අතර, දැනට ප්‍රධාන කාර්යාලයේ සහ දිස්ත්‍රික් කාර්යාලවල සේවය කරන තාක්ෂණ නිලධාරීන්ගේ සේවය ඇගයීම සඳහා නව දීමනා ක්‍රමවේදයක් ද හඳුන්වා දී ඇත. ඒ අනුව ඔවුන් ක්ෂේත්‍ර රාජකාරිවල නිරත වන අවස්ථාවන්හිදී දින 10ක උපරිමයකට යටත්ව සංයුක්ත දීමනාවක් (Combined Allowance) හිමිවන අතර, මීට අමතරව රුපියල් 1,875ක මාසික දුරකතන දීමනාවක් සහ ධාවනය කරනු ලබන සෑම කිලෝමීටරයකටම රුපියල් 10 බැගින් වන ඉන්ධන දීමනාවක් ද ඔවුන් වෙත ගෙවීමට අධිකාරිය තීරණය කර තිබේ.
















