ඉරානය සහ ඇමරිකා-ඊශ්‍රායල සන්ධානය අතර පවතින යුද තත්ත්වයත් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කෙරුණු පාකිස්තාන ෂියා මුස්ලිම්වරුන් 100කට අධික පිරිසක් මේ වන විට සිය රට බලා පැමිණ ඇත. මොවුන් පවසන්නේ කිසිදු පැහැදිලි කිරීමකින් තොරව තමන්ව රඳවා තබාගෙන, තම ගමන් මලු සහ වසර ගණනාවක් තිස්සේ රැස් කළ ඉතිරි කිරීම් ද අහිමි කර දමා පිටුවහල් කළ බවයි. මැජිලිස් වහ්දත්-ඊ-මුස්ලිමීන් (Majlis Wahdat-e-Muslimeen) දේශපාලන සංවිධානයේ දත්තවලට අනුව, පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට මේ දක්වා පාකිස්තාන ෂියා මුස්ලිම්වරුන් 7,500කට අධික පිරිසක් මෙලෙස ගල්ෆ් කලාපීය රාජ්‍යයෙන් පිටුවහල් කර ඇති අතර, සැබෑ සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බව ද ඔවුහු පවසති. මෙම තත්ත්වය ඉතා කනස්සල්ලට කරුණක් බව පවසන හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) සංවිධානය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.














