පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සහ ඊට අදාළ මැතිවරණ ක්‍රමවේදය පිළිබඳව පැෆ්රල් (PAFFREL) සංවිධානයේ මූලිකත්වයෙන් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (26) කොළඹදී පැවැත්විණි.2017 අංක 17 දරණ පනතට පෙර පැවති මැතිවරණ ක්‍රමයට අනුව කල්ගොස් ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පක්ෂ 41ක් එකඟතාව පළ කර ඇත.පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් ප්‍රතිඵලය ලැබෙන තෙක් මෙම යෝජිත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට පක්ෂ එකඟ වී තිබේ.
ස්වේච්ඡා පදනමක් මත කාන්තා සහ තරුණ නියෝජනය 25%ක් ලෙස සහතික කිරීමට ද මෙහිදී එකඟතාව ඇති විය.
මෙම සාකච්ඡාව සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක මහලේකම්වරුන් සහ නියෝජිතයන් මෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් ජාතික ජනබලවේගයේ මහලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයෝ සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයෝ සහභාගී වූහ. මෙම ඒකාබද්ධ ප්‍රකාශය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහ ආණ්ඩු පක්ෂය වෙත යොමු කිරීමට ද තීරණය කර ඇත.














