• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී මහා බෝධීන් වහන්සේට අවදානමක්: වැලි මළුවේ ටෙරාකොටා ඇතුළත් කිරීම ගැන විශේෂඥයින්ගේ අවවාදය

27 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී මහා බෝධීන් වහන්සේට අවදානමක්: වැලි මළුවේ ටෙරාකොටා ඇතුළත් කිරීම ගැන  විශේෂඥයින්ගේ අවවාදය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අවට මෑතකදී සිදු කරන ලද ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් බෝධීන් වහන්සේගේ ජීවයට හානි විය හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවයි. බෝධිය වටා ඇති වැලි මළුව සම්පූර්ණයෙන්ම ටෙරාකොටා ටයිල් යොදා ආවරණය කිරීම මෙම අවදානමට ප්‍රධාන හේතුව බව මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික හල්වතුර පෙන්වා දෙයි.
මෙම තාක්ෂණික ගැටලුව සම්බන්ධයෙන් මහාචාර්යවරයා දක්වන කරුණු අතර ප්‍රධාන වන්නේ තාප අසමතුලිතතාවයි. වැලි තලාව මත ටෙරාකොටා ඇතුළත් කිරීම නිසා සූර්ය තාපය පෘථිවියට උරා ගැනීම වෙනුවට බෝධීන් වහන්සේ දෙසට පරාවර්තනය වීමක් සිදු වේ. මෙය බෝධීන් වහන්සේට දරාගත නොහැකි අධික තාපයක් සහ විකිරණ තත්ත්වයක් ඇති කරයි. එසේම ස්වාභාවික වැලි තලාව තිබූ කාලයේ පැවති පරිසර හිතකාමී තත්ත්වය මෙම ටෙරාකොටා ඉදිකිරීම් නිසා දැඩි ලෙස වෙනස් වී ඇති බව මහාචාර්යවරයා අවධාරණය කරයි.
මෙම ඉදිකිරීම් නැවත සලකා බැලිය යුතු බවත්, පුළුල් පාරිසරික හා තාප තක්සේරුවක් සිදු කළ යුතු බවත් ඔහු සිය වාර්තාව හරහා නිර්දේශ කර ඇත. ගසේ මුල් පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රමාණවත් විවෘත පාංශු කලාප පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.
මෙම ප්‍රතිසංස්කරණය සඳහා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ පූර්ණ අවසරය ලබාගෙන නොමැති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් වික්‍රමසිංහ පවසයි. ආබාධිත බැතිමතුන් සඳහා යෝජනා වූ මාර්ගයක් වෙනුවට සම්පූර්ණ මළුවම ටෙරාකොටා ඇල්ලීම සම්බන්ධයෙන් මේ වන විට පේරාදෙණිය උද්භිත උද්‍යානයේ විශේෂඥයින්ගේ නිර්දේශ විමසා ඇත. එම නිර්දේශ මත බෝධියට හානියක් සිදුවන බව තහවුරු වුවහොත්, අදාළ ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි. වසර 2200කට අධික ලිඛිත ඉතිහාසයක් ඇති, ලොව පැරණිතම වෘක්ෂය ලෙස සැලකෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු බව විද්වතුන්ගේ මතයයි.
Post Views: 11
Previous Post

බෞද්ධ භික්ෂූන් වහන්සේගේ විනය පවත්වාගෙන යාමට අවශ්‍ය නීති කඩිනමින් හඳුන්වා දෙන බව ජනාධිපති පවසයි

Next Post

මේ ඇමතුම් අරන් තියෙන්නේ අපිට හිතවත් කෙනෙක්

Editor TTV News

Editor TTV News

Next Post
මේ ඇමතුම් අරන් තියෙන්නේ අපිට හිතවත් කෙනෙක්

මේ ඇමතුම් අරන් තියෙන්නේ අපිට හිතවත් කෙනෙක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය  Peddi චිත්‍රපටයට  මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල  රූගත කිරීම් සඳහා යොදා ගැනේ

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය Peddi චිත්‍රපටයට මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල රූගත කිරීම් සඳහා යොදා ගැනේ

18 July 2026
ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

17 July 2026
චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

17 July 2026
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved