රත්මලාන මල්ලිකාරාම විහාරාධිපති පූජ්‍ය රණස්ගල්ලේ ඥානවීර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අභිමානවත් පැවිදි දිවියට වසර 56ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද විශේෂ පුණ්‍ය මහෝත්සවයක් ඉකුත්දා විහාරස්ථාන පරිශ්‍රයේදී ඉතා සාර්ථක අයුරින් පවත්වා තිබේ.
ඥානවීර හිමියන්ගේ මෙම සුවිශේෂී පැවිදි සංවත්සරය නිමිත්තෙන් විහාරස්ථ දායක සභාව, කුලඟන සමිතිය සහ ශ්‍රී ධර්මරීක්ෂිත දහම් පාසල ඒකාබද්ධව මෙම සමාජ සත්කාරක පිංකම සංවිධානය කර තිබුණි. මෙහිදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී සහ තෝරාගත් ගැබිනි මව්වරුන් වෙනුවෙන් වටිනා පෝෂණ මලු සමඟ ඉදිරියේදී උපදින්නට ඉන්නා බිළිඳුන් වෙනුවෙන් අවශ්‍ය ළදරු උපකරණ කට්ටල පරිත්‍යාග කිරීම සිදුකෙරුණි.
දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රදේශයේ ආගමික හා සමාජීය පුනරුදය වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉටුකරන විහාරාධිපති රණස්ගල්ලේ ඥානවීර නාහිමියන් විසින්ම එහිදී ගැබිනි මාතාවන් වෙත අදාළ පෝෂණ මලු සහ ළදරු උපකරණ නිල වශයෙන් පරිත්‍යාග කරනු ලැබීය.














