නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිතව පැවතීම හේතුවෙන්, හෙට (28) දිනයේදීත් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 30ත් 40ත් අතර වේගයකින් තරමක තද සුළං ඇති වීමේ හැකියාවක් පවතී.
















