ගතවූ වසර 20ක කාලය තුළ ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් වාර්තා වීම තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පෙන්වා දුන්නාය.
2022 වසරේ ජාතික පිළිකා ලේඛන දත්තවලට අනුව, මෙරටින් අලුතින් හඳුනාගත් පිළිකා රෝගීන් සංඛ්‍යාව 35,855ක් වේ. එය දෛනිකව සාමාන්‍යයෙන් නව පිළිකා රෝගීන් 99ක් වාර්තා වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. එම රෝගීන් සංඛ්‍යාවෙන් 16,398ක් පිරිමින් වන අතර 19,457ක් කාන්තාවන් ලෙස වාර්තා වී තිබේ.මෙම සංඛ්‍යාත්මක වර්ධනයට ප්‍රධාන හේතු කිහිපයක් බලපා ඇති බව වෛද්‍ය විශේෂඥවරිය පැහැදිලි කළාය. රෝගය පිළිබඳ ජනතාව තුළ පවතින දැනුවත්භාවය ඉහළ යාම හේතුවෙන් රෝගීන් කලින් හඳුනා ගැනීම සහ නවීන හඳුනාගැනීමේ පර්යේෂණ තාක්ෂණය දියුණු වීම නිසා වාර්තාකරණය වැඩිවීම මෙයට හේතු වන බව ඇය සඳහන් කළාය.














