මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ රෝගී තත්ත්වය ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වෙමින් පවතින බව ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා අනතුරු අඟවනවා. මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් රෝගීන් 66 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව දියතලාව ප්‍රදේශයෙන් රෝගීන් 28ක්, වැලිමඩ ප්‍රදේශයෙන් රෝගීන් 13ක් සහ රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් රෝගීන් 25ක් ලෙස මෙම රෝගීන් වාර්තා වී තිබෙනවා.
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය මෙන්ම, ඉදිරියේදී පැවැත්වෙන වෙසක් උත්සවය සහ ඒ ආශ්‍රිතව සංවිධානය කෙරෙන දන්සල් හේතුවෙන් රෝගය තවදුරටත් වේගයෙන් පැතිර යාමේ ඉහළ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙනවා. එම නිසා මහජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බවට ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.














