• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

SLT-MOBITEL – Piripun Property Holdings සමාගම සමග ගිවිසුම් ගත වෙයි

2 September 2021
in ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ ජාලය වන SLT-MOBITEL, පසුගියදා Piripun Property Holdings (පුද්.) සමාගම සමග ගිවිසුමකට අත්සන් තැබී ය.

මෙම ගිවිසුම යටතේ Piripun Property Holdings සමාගමේ නවතම වාණිජ ගොඩනැගිල්ලට අතිනවීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා පහසුකම් සැපයීමට SLT-MOBITEL කටයුතු කරනු ඇත.

Piripun Property Holdings යනු වාණිජ දේපළ ඉදිකිරීමේ සහ ඒවා කල්බදු පදනම මත ලබාදීමේ නියුතු සමාගමකි. එම සමාගම විසින් කොළඹ 03 ප්‍රදේශයේ ඉදිකළ, කාර්යාලයීය මහල් 11 කින් සමන්විත නව වාණිජ ගොඩනැගිල්ලට SLT-Mobitel Fibre තාක්ෂණය ඔස්සේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා ලබාදීමට SLT-MOBITEL සමාගම කටයුතු කරනු ඇත.

SLT ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා සහ Piripun Property Holdings (පුද්.) සමාගමේ අධ්‍යක්ෂ ටී. එම්. පුන්සිරි තෙන්නකෝන් යන මහත්වරුන් විසින් ගිවිසුමට අත්සන් තබන ලදි. දෙපාර්ශ්වය නියෝජනය කරන තවත් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Piripun Property Holdings (පුද්.) සමාගමේ අධ්‍යක්ෂ ටී. එම්. පුන්සිරි තෙන්නකෝන් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින්, “ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ ජාලය සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය ලෙස, විශිෂ්ටතම මට්ටමේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්බන්ධතා පිරිනැමීමේ හැකියාව SLT-MOBITEL සතු බව අප විශ්වාස කරනවා. මෙම ගිවිසුම ඔස්සේ ලබාදෙන නවීනතම තොරතුරු හා සන්නිවේදන සේවාවන්, අපගේ කාර්යාල කල්බදු පදනම මත ලබාගන්නන්ට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී ලෙස තම අවශ්‍යතා ඉටුකරගැනීමට මහෝපකාරී වේවි” යනුවෙන් පැවසීය.

SLT ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “Piripun Property Holdings (පුද්.) සමාගමේ නව වාණිජ ගොඩනැගිල්ලට අතිනවීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පහසුකම් සැපයීම සඳහා එම සමාගම සමග හවුල්කාරීත්වයකට එළඹීමට හැකිවීම අපට මහත් සතුටක්. ඩිජිටල් පරිවර්තනයේ නියමුවන් ලෙස, තාක්ෂණයේ හා කාර්යාලයීය චර්යාවන්ගේ වෙනස්කම් අනුව කාර්යාලයීය ගොඩනැගිලිද වැඩිදියුණු වෙමින් පවතින බව අප හොඳින් දන්නවා. මෙම වෙනස්කම් ඔස්සේ, වඩාත් පුළුල් හා ඵලදායී ආකාරයට ජනතාව සහ පද්ධති ඒකාබද්ධ කරන සුහුරු ගොඩනැගිලි නිර්මාණය කිරීමට අපට අනාගතයේදී අවස්ථාවන් හිමිවේවි”
SLT-MOBITEL වෙතින් හිමිවන මෙම නවීනතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම්, Piripun Property Holdings හි නව වාණිජ ගොඩනැගිල්ල භාවිතා කරන්නන් හට ඉමහත් පහසුවක් වනු ඇත. SLT-Mobitel Fibre තාක්ෂණය ඔස්සේ 100 Mbps දක්වා වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිවීම, වර්තමාන ලෝකයේ කාර්යාලයීය අවශ්‍යතාවන්ට හොඳින් ගැළපේ. මේ ආකාරයට නව ලොව තත්ත්වයන්ට හොඳින් අනුගත වෙමින්, කාර්යාල තුළ රාජකාරි කරන්නන් හට වඩාත් පහසුවෙන් හා උද්‍යෝගයෙන් යුතුව රාජකාරි කළ හැකි පසුබිමක් නිර්මාණය කිරීමට SLT- MOBITEL හි අතිනවීන තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන විසඳුම් මහෝපකාරී වනු නොඅනුමාන ය.

Post Views: 30
Previous Post

එළැඹෙන සතියේ පාර්ලිමේන්තුව 06 සහ 07 දිනවල පමණයි

Next Post

රටේ ආරක්ෂාව ගැන නිරතුරු අවධානයෙන් ඉන්න – ඇමැති සරත් පොලිස් නිලධාරින්ට කියයි

editor

editor

Next Post

රටේ ආරක්ෂාව ගැන නිරතුරු අවධානයෙන් ඉන්න - ඇමැති සරත් පොලිස් නිලධාරින්ට කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved