මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ පිරිසකට එල්ල වූ බව කියන අසූචි ප්‍රහාරයට රජයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය. මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙම සිදුවීම පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් කර ඇත්නම්, එම පැමිණිල්ලට අනුව පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ඇත. යම් කරුණක් සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට රාජ්‍ය ආයතනයකට යාමට අවස්ථාව තිබියදී, මෙලෙස පුද්ගලික නිවසක් ඉදිරිපිටට යාම වැරදි සහගත ක්‍රියාවකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සුගීෂ්වර බණ්ඩාර මහතා විසින් ටිල්වින් සිල්වා මහතාගේ නම සඳහන් කිරීම පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවත්, ඒ පිළිබඳව ඔහුගෙන්ම විමසිය යුතු බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය. මෙම සිද්ධිය පැලවත්ත ප්‍රදේශයේ සිදුවූවක් ද යන්න පිළිබඳව තමන්ට නිශ්චිත ප්‍රකාශයක් කළ නොහැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














