මහජනතාව මත පැටවී ඇති අධික PAYE (උපයන විට ගෙවීමේ) බදු බරින් වහාම සහනයක් සැලසීමට පියවර ගත යුතු බවත්, පවතින තත්ත්වය හමුවේ ඊට කඩිනම් සංශෝධන සහ නිවැරදි කිරීම් අවශ්‍ය බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසයි.
කොළඹදී පැවැති දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 21 වැනි වාර්ෂික මහා සම්මේලනය අමතමින් ජනාධිපති ලේකම්වරයා මේ බව අවධාරණය කළේය. ජනතාව මුහුණ දෙන බදු පීඩනය ප්‍රමාදයකින් තොරව විසඳීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ඒ මහතා, ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නංවමින් එය සංවර්ධිත රටවල පවතින මට්ටමට වර්ධනය කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය. මෙම අවස්ථාව සඳහා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ආර්.පී.එච්. ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















