පසුගිය පැය 24 පුරා ගාසා තීරය වෙත එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීන ජාතිකයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව ගාසා හි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
නොනවත්වා එල්ල වන ප්‍රහාර හේතුවෙන් විපතට පත් වූවන් රැසක් ගොඩනැගිලි සුන්බුන් අතර සහ මාර්ගවල සිරවී සිටින නමුත්, ගිලන්රථ සහ සහන කණ්ඩායම්වලට එම ස්ථාන වෙත ළඟාවීමට පවා නොහැකි වී තිබේ. 2023 ඔක්තෝබර් මාසයේදී ප්‍රහාර ආරම්භ වූ තැන් පටන් මේ දක්වා පලස්තීන ජාතිකයින් 73,438 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 174,447 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, ගාසා හි සිවිල් යටිතල පහසුකම්වලින් 90%ක්ම විනාශ වී ඇති බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
තොරතුරු උපුටා ගැනීම: mario nawfal(x) ඇසුරින්














