රටක මහජන ආරක්ෂාව යනු පොලිසිය හෝ ත්‍රිවිධ හමුදාව වැනි ආරක්ෂක අංශ මත පමණක් පදනම් විය යුත්තක් නොවන බවත්, ඒ සඳහා රාජ්‍ය නිලධාරීන්, දේශපාලන අධිකාරිය මෙන්ම සමස්ත මහජනතාවගේ ද සක්‍රීය සහයෝගය අත්‍යවශ්‍ය බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මෙනවිය පවසයි. වත්මන් සමාජය තුළ උග්‍ර ගැටලු බවට පත්ව තිබෙන මත්ද්‍රව්‍ය උවදුර, සංවිධානාත්මක අපරාධ මෙන්ම කාන්තා හා ළමා ආරක්ෂාව තහවුරු කිරීම වැනි අභියෝග සාර්ථකව ජයගැනීම සඳහා මෙම පාර්ශ්වයන්ගේ ඒකාබද්ධ මැදිහත්වීම ජාතික මට්ටමෙන් සිදු විය යුතු බව ඇය පෙන්වා දෙයි.
ජනතාව කේන්ද්‍ර කරගත් සහ නීතියේ ආධිපත්‍යය අකුරටම සුරකින රාජ්‍ය යාන්ත්‍රණයක් බිහි කිරීම වත්මන් රජයේ ප්‍රමුඛතම අපේක්ෂාව බව මන්ත්‍රීවරිය වැඩිදුරටත් කියා සිටී. දේශපාලන බලපෑම්වලින් තොරව නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක වන යුගයක, බලවත්තු හෝ උසස් නිලධාරීන් යන්න නීතිය හමුවේ කිසිදු විශේෂත්වයකට හේතු නොවන බව ඇය අවධාරණය කළාය.
වරදකරුවන් වී නීතියෙන් මඟහැර විදෙස්ගතව සැඟවී සිටින පුද්ගලයන් මෙරටට ගෙන එමින් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක අංශ මේ වන විටත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සඳහන් වේ. මෙම පුළුල් සමාජ ප්‍රතිසංස්කරණය හරහා පාසල් පද්ධතිය ආශ්‍රිතව පැනනැගී ඇති උවදුරුවලින් නැගී එන පරපුර මුදවා ගැනීමටත්, ස්ථාවර මෙන්ම සාමකාමී රටක් නිර්මාණය කිරීමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














