ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය අපනයන ක්ෂේත්‍රය සමඟ දශක හයකට ආසන්න කාලයක් පුරා බැඳී සිටිමින් එම කර්මාන්තය ජාත්‍යන්තර මට්ටම දක්වා ඔසවා තැබීමට පුරෝගාමී දායකත්වයක් ලබා දුන් ‘Aquamarine International’ ආයතනයේ සභාපති ආනන්ද මලවිපතිරණ මහතාට කීර්තිමත් බ්‍රිතාන්‍ය නයිට් පදවි ගෞරවයක් හිමි වී තිබේ. එක්සත් රාජධානියේ ‘Knights of British Empire’ (KBE) සංවිධානය මඟින් කොළඹදී පවත්වන ලද විශේෂ උත්සවයකදී මෙම සම්මානය ප්‍රදානය කර ඇති අතර, මෙරට ව්‍යාපාරික හා පරිසර සංරක්ෂණ ක්ෂේත්‍රයන්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම ජාත්‍යන්තර ඇගයීම හිමිව ඇත.
වසර 60කට වැඩි කාලයක් පුරා ආසියානු සහ යුරෝපීය රටවල් වෙත ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍යයන් අපනයනය කරමින් ජාතික ආර්ථිකයට සහ විදේශ විනිමය ඉපැයීමට ඔහුගෙන් ඉටු වූ මෙහෙවර මෙහිදී විශේෂයෙන් කැපී පෙනේ. ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් ඔබ්බට ගොස් ජලජ ජීවීන්ගේ අභිජනනය, පර්යේෂණ සහ පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් ඔහු දැක්වූ අඛණ්ඩ කැපවීම නිසාම අඛණ්ඩව වසර 14ක් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීමටද ඔහු සමත්ව ඇත. එපමණක් නොව, මෙරට ජලජ ජීව විවිධත්වය වෙනුවෙන් කළ සේවය අගයමින් නව මත්ස්‍ය විශේෂ පවා ඔහුගේ නමින් නම් කර තිබීම මෙම කීර්තිනාමයේ ගැඹුර මනාව මතුකර දක්වයි.
මෙම ජාත්‍යන්තර සම්මාන ප්‍රදානය හරහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ගේ සහ පරිසරවේදීන්ගේ ගෝලීය දායකත්වය ලෝකයේ ඉහළම පිළිගැනුමකට ලක්වීම රටක් ලෙස මෙරටට ලැබුණු තවත් සුවිශේෂී ගෞරවයකි. දේශීය කර්මාන්තකරුවන් ජාත්‍යන්තර තලයේදී මෙලෙස ඇගයීමට ලක්වීම ඉදිරි පරපුරට මෙන්ම මෙරට අපනයන ක්ෂේත්‍රයේ නව නැඹුරුවකට ප්‍රබල ලබා දෙනු නොඅනුමාන වන අතර, ශ්‍රී ලංකාවේ නම ලෝක සිතියමේ තවදුරටත් බැබළවීමට මෙම සන්ධිස්ථානය මහත් රුකුලක් වනු ඇත.














