27 April 2024
#දේශීය

හේතුවට විසඳුම් නොදී දකින දේට විසඳුම් දීමෙන් ඵලක් නැහැ – සභානායක දිනේෂ්

හේතුවට විසඳුම් නොදී දකින දේට විසඳුම් ලබා දුන්නාට ඵලක් නොවන බව බුදු දහම අනුවත් පැහැදිලි වන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

සභානායකවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී අද (20) විවාදයට එක්වෙමිනි.

ඔහු පැවසුයේ භූමිතෙල් කුප්පියකට හා ගිනි පෙට්ටියකට අපේ රටේ සංස්කෘතිය ඇද වැටී ඇතිනම් එය කණගාටුදායක තත්ත්වයක් බවය. තම බොරළුගොඩ නිවස විනාශ කිරීම පිළිබඳව සඳහන් කළ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, එහි තිබුණු වසර 100කට වඩා පැරණි ජාත්‍යන්තර ක්ෂේත්‍රය පවා විමර්ශන සඳහා යොදා ගන්නා පුස්තකාලය ගිනිබත් කිරීම සංස්කෘතිය හෝ මනුෂ්‍යත්වයදැයි ප්‍රශ්න කළේය.

පසුගිය 09 වැනිදා සිද්ධීන් පිටුපස සැලසුම් සහගත නායකයන් සිටි බවත්, එදිනට දින කිහිපයකට පෙර ඩ්‍රෝන යානා යොදාගෙන තොරතුරු එක්රැස් කළ බවත් අනාවරණ කළේය. දුප්පත්කමට කොල්ලකෑම් කළ පිරිස පමණක් අත්අඩංගුවට ගෙන සැලසුම් කළ නායකයන් සොයා නොගතහොත් එය බරපතළ ගැටළුවක් බවද සභානායකවරයා පැවසූවේය. විනාශ කළ තමන් ජීවත්වන කිරුළපන නිවස සියලු ජනකොට්ඨාශවල නායකයන් පැමිණි ස්ථානයක බවත්, තමන් යුතුකම් ඉෂ්ට කිරීමේදී පක්ෂ භේදයක් නොබැලූ බවත් කියා සිටියේය.

අනිවාර්යයෙන්ම ආණ්ඩුක්‍රම වෙනසකට යා යුතු බව අවධාරණය කළ ඔහු එම කුමන සංශෝධන පැමිනියත්, ප්‍රශ්නයට ආමන්ත්‍රණය කළ යුතු බවත් සඳහන් කළේය. 30% ක් පමණ වන තරුණ පරම්පරාවට ඇති ප්‍රශ්න සඳහා විසඳුම් ලබා නොදුනහොත් සමාජ ප්‍රශ්න ඇතිවීම වැළැක්විය නොහැකි බවද ඔහු පැවසීය.

මෙරට ඉන්ධන, විදුලිය සහ ප්‍රවාහන පිළිබඳ ප්‍රතිපත්තියක් නොමැති බවද ඔහු සඳහන් කළේය.

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *