27 July 2024
#දේශීය

උසස් පෙළ විභාගයේ කිසිදු වෙනසක් සිදු නොවේ – අධ්‍යාපන අමාත්‍යංශය

රට තුළ දැනට පවත්නා කොවිඩ් තත්ත්වය හමුවේ දරුවන්ගේ ආරාක්ෂාව තහවුරු කරමින් ඔක්තෝම්බර් 12 වනදා ආරම්භ කළ අ.පො.ස (උසස් පෙළ) විභාගය මේ දක්වා සාර්ථකව පවත්වාගෙන යා හැකි වූ බවත්, මින් ඉදිරියටත් එනම් නොවැම්බර් 06 වනදා තෙක් අ.පො.ස (උසස් පෙළ) විභාගය ඒ අයුරින් ම පවත්වන බවත් අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

අද දින (16) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ කොවිඩ් තත්ත්වය හේතුවෙන් ඇඳිරිනීතිය පවත්නා පොලිස් බල ප්‍රදේශ තුළ විභාග මධ්‍යස්ථානවල රාජකාරී කටයුතුවල නිරතව සිටින ගුරුවරුන්ට මුහුණපෑමට සිදුව ඇති ප්‍රවාහන අපහසුතා සම්බන්ධයෙන් කටයුතු කරන බවයි.

එසේම රජය භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කොට සහනයක් සැලසීමට බලාපොරොත්තු වන බව ද මෙහිදී අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *