• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රුසියානු පිළිකා ඖෂධයෙන් රෝගීන්ට සංකූලතාවයක් නෑ

6 June 2018
in ක්‍රීඩා
රුසියානු පිළිකා ඖෂධයෙන් රෝගීන්ට සංකූලතාවයක් නෑ

පිළිකා රෝගීන් සදහා රුසියාවෙන් ආනයනය කළ ඖෂධය භාවිත කිරීමෙන් රෝගීන්ට කිසිදු සංකූලතාවයක් ඇති නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සිදු කළ නිරික්ෂණ චාරිකාවකින් පසු පැවැති රැස්වීම අමතමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ තවත් පිළිකා ඖෂධ වර්ග 02 ක් ලියාපදිංචි කිරීම සදහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවයි.

මාතලේ දිස්ත්‍රික් මහ රෝහල සංවර්ධනය කිරීම සහ නව රෝහලක් ඉදිකිරීම පිළිබදව මෙහිදී සොයා බැලුනි. ඒ අනුව රුපියල් මිලියන 7000 ක මුදලක් වැය කරමින් ජර්මනියේ ආධාර යටතේ නව මහ රෝහලක් මාතලේ ඉදිකිරිමට නියමිතය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “පිළිකා රෝගීන් සදහා එක් ඖෂධයක් රුපියල් දෙලක්ෂ අසූදාහකට වැඩි මුදලකට ආනයනය කර තිබුනා. නමුත් මම රුසියාවෙන් ආනයනය කළ ඖෂධයක් රුපියල් එක්ලක්ෂ හතලිස් හතරදාහකට ලබාගෙන රෝහල්වලට නිකුත් කළා. එම ඖෂධය භාවිත කළ කිසිදු රෝගියෙකුට සංකූලතාවයක් ඇති වුයේ නැහැ. මෙම ඖෂධය රුපියල් 84,000 කට මෙවර ලබාගැනීමට මම පියවර ගෙන තිබෙනවා. ඉදිරියේ දී තවත් පිළිකා ඖෂධ දෙකක් ලියාපදිංචි කිරිම සදහා අයදුම්පත් ඉදිරිපත් කර තිබෙනවා. පළාත් සභා රෝහල් මධ්‍යම රජයට පවරා ගන්නා ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වුනා. නමුත් පළාත් සභා පිහිටුවීමට කැමැත්ත පළ කළ මම පළාත් සභා රෝහල් පවරා ගන්නේ නැහැ. පළාත් සභාවල බලතල අඩු කිරීමටත් මම කැමැති නැහැ. පළාත් සභා රෝහල් සංවර්ධනය කිරීම සදහා අවශ්‍ය තරම් මුදල් ලබාදෙනවා. මාතලේ මහ රෝහලට අවශ්‍ය සීටී ස්කැනර් යන්ත්‍රය මාස 04 ක් තුල ලබාදීමට මම පියවර ගන්නවා. හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයාට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට ද පියවර ගන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් තීන්දු තීරණ හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් රෝහල්වලට පැමිණ ගොඩනැගිලි සාදන තුරු බලා සිටීමට සිදුව තිබෙනවා. එමගින් වෛද්‍යවරයා මානසිකව කඩා වැටෙනවා. එය හරිම දුර්වල තත්ත්වයක්. මාතලේ රෝහල දියුණු කිරීමෙන් මහනුවර මහ රෝහලේ පවතින තදබදය අවම කළ හැකියි. මානව සම්පත කඩිනමින් ලබාදීම පිළිබදව ගැටලුවක් පැවැතුන ද මානව සම්පත් සංවර්ධනය සදහා සියලු පියවර ගෙන තිබෙනවා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම මගේ වගකීමයි.” යැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම, පළාත් සෞඛ්‍ය සේවා අධයක්ෂ ශාන්ති සමරසිංහ, රෝහල් අධ්‍යක්ෂ ඩබ්.ඒ.එස්.එස් වික්‍රම මහතා ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 15
Previous Post

කතෘභාග බද්ධ ඉවත් කරන්නැයි මංගල කියයි

Next Post

ත්‍රස්තවාදීන් සමරන්නන් ම්ලේච්ඡා ක්‍රියාවල වගකීම් භාරගත යුතුයි

editor

editor

Next Post
ත්‍රස්තවාදීන් සමරන්නන් ම්ලේච්ඡා ක්‍රියාවල වගකීම් භාරගත යුතුයි

ත්‍රස්තවාදීන් සමරන්නන් ම්ලේච්ඡා ක්‍රියාවල වගකීම් භාරගත යුතුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved