27 April 2024
#දේශීය

කුමන බාධක පැමිණියත් ක්‍රිඩාව දියුණු කිරිමට කැපවෙනවා.- ක්‍රිඩා රාජ්‍ය ඇමති රෝහණ

කුමන අභියෝග ,බාධක,ආවලාද එල්ල වුවත් මෙරට සියලුම ක්‍රිඩාවන් මෙන්ම ක්‍රිඩාවන් දියුණු කිරිමට අවශ්‍ය සියලු දේ සිදු කරන බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මාතලේ ඇම්.සි පාර කාර්යාලයේදි පැවති මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රිඩා සංගම් කිහිපයක නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදිය.

වැඩිදිරුටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ කුඩා කල සිටම ක්‍රිකට් හොකි ක්‍රිඩාවේ මම නිරත වුණා.

පසුවි විවිධ ක්‍රිඩ සමාජ මෙන්ම ක්‍රිඩා සංගම්වල නිලතල දරමින් මාතලේ ඇතුලු අනෙකුත් ප්‍රදේශවලට ක්‍රිඩාවේ දියුණුව උදෙසා වැඩ කටයුතු කළා.ඇතැම් පිරිස් විසින් සිදු කරන අවලාද හමුවේ අපට නොසැලි සිටිමට ක්‍රිඩාවෙන් ලැබු පන්නරය නිසා ඒවා විද දරා ගැනිමේ ශක්තිය අපට තියනවා.රටක් විදිහට අප සියලු දෙනා මේ මොහතේ සිටින්නේ දුෂ්කර තැනක.ඒ නිසා අප සියලු දෙනා විසින් තම තමන්ට හැකි පමණින් විවිධ කැපකිරිම් සිදු කළ යුතුයි.

අපත් වසර ගණනාවක් තිස්සේ විවිධ කැපවිම් කළ පිරිසක්.මාතලේ ක්‍රිඩාංගණ කිහිපය නවිකරණය කිරිමේ දි සිදු ව ඇති ගැටලුකාරි තත්වයන් මේ වන විට හදුනාගෙන ඒවා යතා තත්වයට පත් කිරිමට කටයුතු යොදනවා.ඒ සදහා සියලු නිලධාරින්ගේ ක්‍රිඩා සහ ක්‍රිඩා සංගම්වල නියෝජිතයින්ගේ සහය අවශ්‍යයි.

අපි සියලු දෙනාම එකතු වි රට වැටි ඇති තැනින් නැවත ගොඩනැගිමට කටයුතු කිරිම වැදගත්.රටේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවිම සදහාද ක්‍රිඩාව මහත් පිටිවහලක් වෙනවා.ඒ නිසා ඉදිරියේදි ජාතික හා ජත්‍යන්තර මට්ටමේ තරග මෙන්ම විවිධ ඉසව් සංවිධානය කිරිමට අප බලාපෙරොත්තු වෙනවා.

ඒ සදහා සියලු දෙනාගේ සහය අපෙක්ෂා කරන බවද දිසානායක මහතා පැවසිය.
මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් ක්‍රිඩා සංගමය් කිහිපය නියෝජිතයින් ඇතුලු පිරිසක් එක් වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *