27 April 2024
#දේශීය

ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පියාණන්ගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආදරණිය පියතුමන් වන අභාවයට පත් ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ හිටපු සභාපති ක්‍රිසි සිල්වා මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(15)දා දහවල් අවසන් ගෞරව දැක්විය.

මාතලේ ඇම්.සි පාරේ පිහිටි නිවසට පැමිණී ජනාධිපතිවරයා මෙසේ අවසන් ගෞරව දැක්වු අතර පවුලේ ඥාතින් වෙන සිය ශෝකය ප්‍රකාශ කළ අතර මෙම අවස්ථාවට ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක,ජනාධීපති කාර්ය මණ්ඩල ප්‍රධානි ,ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක,මාතලේ මහ නගරාධීපති එස්.ප්‍රකාශ් යන මහත්වරුන් ඇතුලු පිරිසක් සිටියේය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *